by Staff writer 13-09-2020 | 10:19 PM
COLOMBO (News 1st) - අභාවප්‍රාප්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද සිදු කෙරුණි.
මිය යන විට 73 හැවිරිදි වියේ පසු වූ ටෝනි ඕපාත මහතාගේ දේහය මහජන ගෞරව සඳහා කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැම්පත් කර තිබුණි.
අවමංගල උත්සවයේ ආගමික වතාවත් සිදු කළේ, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානේස්සර හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.
දකුණත් වේග පන්දු යවන්නෙකු වූ ඕපාත මහතා 1971 වසරේදී පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය.
ඔහු මෙරට වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් හිමිකරගත් 6 වැනි ක්‍රීඩකයායි.
1975 සහ 1979 වසරවල පැවැති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියන් හි ශ්‍රී ලංකා සංචිතයට ඔහු ඇතුළත් වූ අතර සහභාගී වූ එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 5 කි.
ඕපාත මහතා පළමු පෙළ තරග 39 කට ක්‍රීඩා කර තිබේ.
හෘද්‍යාබාධයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්ත වූයේ පසුගිය සිකුරාදා අලුයමයි.
බොරැල්ල කනත්තේදී අද පැවැති අවමංගල්‍ය උත්සවයට හිතවතුන්, පවුලේ ඥාතීන්, ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු පිරිසක් සහභාගී විය.
https://www.facebook.com/NewsfirstSL/videos/984016638707104/