සෞන්දර්ය විශ්වවිද්‍යාලයට නිසි බලධරයෙකු පත් කෙරේ

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නිසි බලධරයා ලෙස මහාචාර්ය අබේරත්න බණ්ඩාර පත් කෙරේ

by Staff writer 13-09-2020 | 10:08 PM

COLOMBO (News 1st) - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නිසි බලධරයා ලෙස සම්මානිත මහාචාර්ය වීරකෝන් මුදියන්සේලාගේ අබේරත්න බණ්ඩාර මහතා පත්කර තිබේ.

අදාළ පත් කිරීම අද සිට බල පැවැත්වෙන පරිදි, අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල් පීරිස් මහතාගේ අත්සනින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතළ ලෙස අවුල් වී ඇති බැවින් එය යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇතැයි ද එම ගැසට් නිවේදනයේ දැක්වේ. ඒ අනුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපතිට පවරන ලද බලතළ, කාර්ය හෝ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ හෝ ඉටු කිරීමේ බලතළ නිසි බලධරයා වන අබේරත්න බණ්ඩාර මහතා හිමිවන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් විය.