ලියන්ගොල්ල වැසියන්ගේ බලාපොරොත්තුව මල්ඵල දරයි

ලියන්ගොල්ල වැසියන්ගේ බලාපොරොත්තුව මල්ඵල දරයි

by Staff writer 13-09-2020 | 10:29 PM

COLOMBO (News 1st) - සියඹලාන්ඩුව, ලියන්ගොල්ල, හැමකදවල, ගම්වාසින්ගේ වසර ගණනාවක බලාපොරොත්තුවක එක් කඩඉමක් අද ඉටු විය.

ඒ, ගම්මැද්ද හරහා පිරිසිදු පානීය ජල යෝජනා ක්‍රමයක මුලාරම්භය සටහන් කරමිනි. ලියන්ගොල්ල, හැමකදවල ගම්මානයේ ජනතාව වසර ගණනක් බොන්න පිරිසිදු ජලය නොමැතිව පීඩාවට පත්ව සිටියහ. මේ හේතුවෙන් ඔවුන්ට සිය ජල අවශ්‍යතා සපුරා ගැනීමට කිලෝමීටරයක් පමණ දුරක් ගමන් කිරීමට සිදු විණි. මේ පිළිබඳව ගම්මැද්ද දැනුවත් කළේ, ගම්මැද්ද සවිය සමිතිය හරහායි. ඒ අනුව පානීය ජලයෝජනා ක්‍රමයක් ගම්මානයට ඉදිකිරීම සඳහා ගම්මැද්ද හා අත්වැල් බැඳගත්තේ ඔක්ස්ෆර්ඩ් කොලේජ් ඔෆ් බිස්නස් පුද්ගලික සමාගමයි. අද ව්‍යාපෘතියට මුල්ගල් තැබුණේ, කතරගම දෙවියන්ගේ ද ආශීර්වාද ලබා ගනිමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/405800233735048/