මත්ද්‍රව්‍යයට ඇබ්බැහි සිරකරුවන් පුනරුත්ථාපනයට

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ සිරකරුවන් 8,000ක් පුනරුත්ථාපනයට

by Staff writer 13-09-2020 | 7:56 AM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ සිරකරුවන් 8000ක් පුනරුත්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, ජනාධිපතිතුමාගේ උපදෙස් මත මෙම වැඩසටහන් සිදු කරන බවයි. ඊට අමරතරව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පාසල් ළමුන් පුනරුත්ථාපනය ද මේ යටතේ සිදුකෙරනු ඇති. මේ සඳහා අනු කමිටුවක් ද පත් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා විසින් සහාපතිත්වය දරනු ලැබේ. තරුණ කටයුතු හා අධ්‍යාපන අමාත්‍යාංශය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරායා, පුනරුත්ථාපන කොමසාරිස්වරයා එම කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.