by Staff writer 13-09-2020 | 9:46 PM
COLOMBO (News 1st) - හිසට සෙවනක් හීනයක් වුණු මිනිස්සු කොච්චර අපේ රටේ ඉන්නවා ද?
ඉන්න තැනක් නැතිවුණාම අනිත් පහසුකම් ගැන කවර කතා ද?
ජීවිතය වෙනුවෙන් අරගල කරන අපේ මිනිස්සු වෙනුවෙන් අදත් අපි වව්නියාව, පුත්තලම සහ මාතර ගම්මානවලට ගියෙමු.
මාතර, දෙනියාය, සෙල්වකන්ද ගමේ පවුල් හත්සීයක් විතර ජීවත් වෙන්නේ අඩි 5යි හතරේ ඉඩක් තියෙන ලයින් කාමරවල.
මේ එක පවුලක සාමාජිකයන් පහක් හයක් සිටි.
නිදාගන්න වෙන්නේ ජිම්නාස්ටික් ක්‍රීඩාවට සූදානම් වෙනවා වගේ.
ඉඩ තියෙන විදිහට වැටිලා නිදාගත්තත් තිබහට බොන්න වතුර නැති එක නම් දරාගන්න බැහැ.
ජීවත්වෙන්න කීයක් හරි හොයාගන්න මිනිස්සු ඒකෙනුත් කොටසක් වෙන් කරන්නේ වතුර ගන්න.
ඡන්ද කාලේ පොරොන්දු වුණ හැමෝම බොරු කළාට මේ මිනිස්සු ඇත්තටම ඒ අයව දිනෙව්වා.
මේ මිනිස්සු පැරදුනා...
මාතර, මොරවක, අලපලාදෙනිය ද්විතීක පාසලට අධ්‍යාපන බලධාරීන් පළ නොකියා පලා බෙදලා .
දුප්පත් සිසුන් 824 ක් අමාරුවේ.
මේ පාසලේ ළමයින්ට තියෙන ලොකුම ගැටලුව වැසිකිළි පහසුකම් නැති එක.
ඒ නිසා ළඟම පාසල හොඳම පාසල නොවුනාට ළඟම කැලෑව හොඳම වැසිකිළිය බවට පත්ව තිබේ.
තව ද පුත්තලම, නාගවිල මිනිස්සු බලාගෙන ඉන්නේ නාගලෝකෙන් හරි කවුරු ඇවිත් වතුර ටිකක් දෙන තුරු.
ඒ තරමට මේ මිනිස්සු දේශපාලකයින්ගේ බොරු පොරොන්දුවලින් ගෙම්බත් වෙලා.
මේ ගමට තියන එකම වැව නාගවිල මහා වැව වසර 100 කින් ප්‍රතිසංස්කරණය කරලා නැහැ.
මේ ගමේ කුඹුරු අක්කර 300 ක් අස්වද්දන්නේ නැතුව පුරන් වෙන්න ඇරලා වගාවට වතුර නැතිකමිනි.
බීමට ජලය ලබා ගන්න හදලා දීපු ජල ව්‍යාපෘතියත් සුදු අලියෙක් ගානට පත් වෙලා.
මේ ව්‍යාපෘතිය යටතේ හැදූ ටැංකියේ හිලක්.
බවුසරයකින් වතුර පුරවගත්තත් හරියට හදලා නැති මේ ටැංකියෙන් වතුර ඔහේ ගලාගෙන යනවා.
මේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුත් ඔහේ ගලා යනවා.
මේ අතර වව්නියාව, සෙට්ටිකුලම්, ක්රිස්තකුලම් ගම්මානයේ පවුල් 136 කට තියෙන්නෙත් මේ ප්‍රශ්නෙමයි.
එකම වැවත් ගොඩ වෙලා. කිසිම වැඩකට ගන්න බෑ. තියෙන ලොකුම ගැටලුව පානීය ජලගැටලුව.
වතුර ප්රශ්නය උග්‍රව තියෙන නිසා මේ ගමේ වකුගඩු රෝගීන් සෑහෙන ප්‍රමාණයක් සිටි.
https://www.facebook.com/NewsfirstSL/videos/3420612941329762/