by Staff writer 13-09-2020 | 5:37 PM
COLOMBO ( News 1st ) : බස්නාහිර පළාතේ සිදුකළ වැටලීමකින් සැකකරුවන් 699 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, පැය 24 ක් තුළ සිදු කළ එම වැටලීමෙන් හෙරොයින් සමග සැකකරුවන් 261 දෙනෙකු ගත් බවයි.
ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රැම් 101 යි මිලිග්‍රැම් 259 කි.
එම වැටලීමේදී ගංජා සමග සැකකරුවන් සංඛ්‍යාව 184 දෙනෙකු සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 32 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මේ අතර මෝටර් රථ පරීක්ෂකවරුන් සමග බස්නාහිර පළාතේ පැය 2 ක් තුළ සිදු කළ මෙහෙයුමකදී රථවාහන 4337 ක් පරීක්ෂා කර තිබේ.
එම මෙහෙයුමේදී ටිපර් රථ 872 ක් , බර වාහන 630 ක් පරීක්ෂා කළ බව පොලීසිය පැවසුවේ ය.
එහිදී රියැදුරු බලපත්‍ර නොමැති රියදුරන් 29 දෙනෙකු සහ මත්ද්‍රව්‍ය භාවිතයට ගෙන රිය ධාවනය කළ පුද්ගලයින් 07 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේ ය.
මේ අතර බස්නාහිර පළාතේ ඉදිකිරීම් වැඩබිම්වල ශ්‍රමිකයින්ට මත්ද්‍රව්‍ය ලබාදෙන බවට ලැබුණු තොරතුරකට අනුව පැය 3 ක් තුළ සිදු කළ වැටලීමකදී පුද්ගලයින් 6568 දෙනෙකු පරීක්ෂා තිබේ.
එහිදී මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටි පුද්ගලයින් 48 දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.
වැඩබිම් ශ්‍රමිකයින්ට මත්ද්‍රව්‍ය ලබාදෙන කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය දැනුම් දෙයි.