නිව් ඩයමන්ඩ් නැව ගොඩබිමට රැගෙන එයි ද?

නිව් ඩයමන්ඩ් නෞකාවේ මෙහෙයුමට දායක වූ සියලු නියෝජිතයින් හෙට නීතිපති හමුවට

by Staff writer 13-09-2020 | 5:03 PM

COLOMBO (News 1st) - නිව් ඩයමන්ඩ් නෞකාවේ මෙහෙයුමට දායක වන සියලු ආයතනවල නියෝජිතයින් හෙට නීතිපතිවරයා හමුවීමට නියමිතව තිබේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, නෞකාව ගොඩබිමට රැගෙන එන්නේ ද යන්න සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බවය. නෞකාව රැගෙන යන්නේ නම් එම ක්‍රියාවලිය සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇති. මෙරට සාගර සම්පතට සහ ආර්ථිකයට හානියක් නොවන අයුරින් අදාළ ගැටලුව විසඳා ගැනීම සඳහා විධිමත් තීරණ ගැනීම අදාළ සාකච්ඡාවේ අරමුණයි. අනතුරට ලක් වූ නෞකාවේ මෙහෙයුම් සඳහා දායක වන සියලු පාර්ශවයන් එක්ව සාකච්ඡා කරන පළමු අවස්ථාව මෙය වන බව ද ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.