නකල්ස් රක්ෂිතයේ අක්කර 5ක් එළි කළේ කවු ද?

නකල්ස් රක්ෂිතයේ අක්කර 5ක් එළි කළේ කවු ද?

by Staff writer 13-09-2020 | 7:36 PM

COLOMBO (News 1st) - පරිසර නීති උල්ලංඝණය කරමින් තව ත් සංවේදී පරිසර කලාපයක විනාශයක් අද වාර්තා විය.

ඒ, නකල්ස් රක්ෂිතය තුළ පන්විල ඉහළ කලාපයේ අක්කර 5 කට ආසන්න භූමි ප්‍රදේශයක් එළිපෙහෙලි කිරීමේ සිද්ධියකි. ඒ අනුව නකල්ස් රක්ෂිතය තුළ පන්විල ඉහළ කලාපයේ අක්කර 5කට ආසන්න භූමි ප්‍රදේශයක් එළිපෙහෙලි කර තිබුණි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රදේශය භාර නිලධාරීන් කළ සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ එළවළු වගාවක් සඳහා මෙම එළිපෙහෙලි කිරීම සිදුව ඇති බවයි. වන සංරක්ෂණ නිලධාරීන් පවසන්නේ, එළිපෙහෙලි කිරීම්වලට සම්බන්ධ පුද්ගලයින් මෙය පෞද්ගලික ඉඩමක් බව පවසා ඇති බවය. එහෙත් ඊට අදාළ ලිපිලේඛන කිසිවක් අදාළ ආයතන වෙත ඉදිරිපත් කර නොමැත. රක්ෂිතය තුළ ඇති පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු ඇතත් මෙම ඉඩම සම්බන්ධයෙන් තොරුතුරු වාර්තා නොවන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රදේශය භාර නිලධාරීන් පවසති. පරිසර සංවිධාන පවසන්නේ, මෙවැනි අධිසංවේදී පරිසර කලාපයක් තුළ සිදුවන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කිසිදු ආයතනයක් දැනුවත් නොකර තිබීම ද මවිතයට කරුණක් බවය. https://www.facebook.com/NewsfirstSL/videos/608937263120586/