තව ත් කොරෝනා ආසාදිතයින් 9 ක් හඳුනා ගනී

තව ත් කොරෝනා ආසාදිතයින් 9 ක් හඳුනා ගනී

by Staff writer 13-09-2020 | 3:58 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු අද හඳුනා ගෙන තිබේ.

ඔවුන් කටාර් සිට පැමිණි 08 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකි. ඔවුන් මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය. කොරෝනා ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 196 කි. අද දිනයේ තව ත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු සුවය ලැබූහ. ඒ සමග මෙරට කොරෝනා සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 2996 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය.