රුසියාවේ පළාත් 85ක කොරෝනා මර්දන එන්නත බෙදා හරී

රුසියාව සිය කොරෝනා මර්දන එන්නත එරට සියලුම පළාත් වෙත බෙදා හරී

by Staff writer 13-09-2020 | 11:44 AM

COLOMBO (News 1st) - රුසියාව සිය කොරෝනා මර්දන එන්නතෙහි ප්‍රථම කාණ්ඩය එරට සියලුම පළාත් වෙත බෙදා හැර තිබේ.

මෙම එන්නත රුසියාවේ පළාත් 85 වෙත යැවීම මේ වනවිට අරඹා ඇති අතර අවසන් සායනික පරීක්ෂණය අවසන් වූ විගස එය ජනතාවට ලබාදීම ඇරඹෙනු ඇති . ස්පුට්නික් ෆයිව් එන්නත හැඳින්වෙන්නේ ලොව ප්‍රථම ලියාපදිංචි කළ කොරෝනා මර්දන එන්නත ලෙසය. මෙම එන්නතට අදාළ අවසන් සායනික පරීක්ෂණ මොස්කව් නුවරදී පැවැත්වෙන අතර ඊට ස්වේච්ඡාවෙන් දායක වන පිරිස 40,000කි. රුසියානු බලධාරීන් සඳහන් කළේ, කොරෝනා එන්නත ලබාගත් පුද්ගලයන්ට සිය තත්ත්වය පිළිබඳ දැනුම් දිය හැකි ලොව ප්‍රථම මොබයිල් ඇප් එකක් ද නිපද වූ බවයි . ස්පුට්නික් ෆයිව් එන්නතෙහි ආරක්ෂිත භාවය පිළිබඳ විශේෂඥයන් සැක පළ කළ නමුත් එය මුල් අදියරේදී ලබාගත් පුද්ගලයන් 76 දෙනා තුළම ප්‍රතිදේහ නිපදවී ඇතැයි පසුගියදා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සඟරාවක් පළ වී තිබුණි.

වෙනත් ලිපි