T56 සඟවාගෙන සිටි සැකකරු CIDයට භාරදෙයි

T56 ගිනි අවි 2ක් සඟවාගෙන සිටි සැකකරු CIDයට භාරදෙයි

by Staff writer 12-09-2020 | 9:23 AM

  COLOMBO ( News 1st) :  T56 ගිනි අවි දෙකක් සඟවා ගෙන සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර නව නගරයේ ලැඟුම්හලක සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

පොලීසිය පැවසුවේ ලද තොරතුරක් මත ඊයේ(11) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ නිලධාරීන් පිරිසක් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව යි. සැකකරු 40 හැවිරිදි වලස්මුල්ල, දොඩංදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වලස්මුල්ල, දොඩන්දූව ප්‍රදේශයේ නිවසක් පිටුපස වළ දමා තිබූ T56 ගිනි අවි දෙකක් සොයා ගැනිණි. එම ගිනි අවි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'රත්ගම විදුර' නැමැත්තාට අයත් බව පරීක්ෂණවලදී හෙළිව තිබේ.