මෙවර තවත් සිසුන් 8,000 කට සරසවි වරම්

විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් ගණන 8,000 කින් ඉහළ දැමීමේ තීරණයක්

by Staff writer 12-09-2020 | 2:19 PM

 COLOMBO ( News 1st )  : විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 8,000 කින් ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ, පසුගියදා විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් සමග සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතා මතයි. ඒ අනුව විශ්වවිද්‍යාල සඳහා මෙවර බඳවා ගැනෙන සිසුන් සංඛ්‍යාව 38,000 කට අධික බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළා ය. ඇය පැවසුවේ 2019 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තෝරා ගන්නා සිසුන්ගේ කඩඉම් ලකුණු නුදුරේදීම නිකුත් කරන බව ය. වෛද්‍ය පීඨ සඳහා පමණක් වැඩිපුර බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 369 ක් බව ද මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය පැවසුවා ය.