මොරිෂස් දූපත් අසළ තෙල් කාන්දුවට හේතුව හෙළිවෙයි

මොරිෂස් දූපත් අසළ තෙල් කාන්දුවට හේතුව හෙළිවෙයි

by Staff writer 12-09-2020 | 2:32 PM

COLOMBO ( News 1st )  :  මොරිෂස් දූපත් ආසන්න මුහුදේ සිදු වූ තෙල් කාන්දුවට හේතුව කාර්ය මණ්ඩලයේ අපරික්ෂාකාරීත්වය බව නෞකාව අයත් ජපාන සමාගම පවසයි.

එම සමාගම අනාවරණය කළේ , අනතුරට පත් වූ එම තෙල් නෞකාව වැරදි නාවික ගමන් මාර්ගයක යාත්‍රා කර ඇති බවයි. ඉකුත් ජූලි මාසයේ සිදු වූ එම අනතුරින් නෞකාවේ තිබූ තෙල් ටොන් දහසක් සාගරයට මුසු විය. මේ නිසා මොරිෂස් ආශ්‍රිත නාවික හා සංචාරක කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් වාර්තා අනාවරණ කළේ ය.