නිව් ඩයමන්ඩ් පතුලේ විවරයන් 2ක් නිරීක්ෂණයට

නිව් ඩයමන්ඩ් නැව් පතුලේ විවරයන් දෙකක් නාවික හමුදා නිරීක්ෂණයට

by Staff writer 12-09-2020 | 8:18 AM

COLOMBO ( News 1st ) : ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ පතුලේ විවරයන් දෙකක් නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් නිරීක්ෂණය කර තිබේ.

නාවික හමුදා ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, ඉන් එක් විවරයකින් එන්ජින් කාමරයේ ඇති දැවි තෙල් මිශ්‍ර ජලය මුහුදට මුසුවන බවයි. ඒ අනුව එක් විවරයක් ඊයේ සවස නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් මගින් පිළිසකර කළ බව ද ඔහු පැවසුවේ ය. දැනට නෞකාව මඩලකලපුවට මුහුදු සැතපුම් 50 ක පමණ දුරින් පවතින බව ද නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ. එමෙන්ම නැව සම්බන්ධ කටයුතු මේ වනවිට එම නැව අයත් සමාගම මගින් පත් කළ ගලවා ගැනීමේ සමාගම මගින් සිදු කරන අතර, එම කටයුතු සම්බන්ධයෙන් නාවික හමුදාව නිරීක්ෂණය කරන බව ද කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ය. සංගමන් කන්දට ඔබ්බෙන් වූ මුහුදේ දී පසුගියදා නිව් ඩයමන්ඩ් නෞකාවේ මෙම ගින්න හටගත් අතර නාවික හාමුදාව හා ඉන්දීය නාවික හමුදාව මැදිහත්ව එය නිවා දැමීමට පියවර ගත්තේ ය.