කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

by Staff writer 12-09-2020 | 6:55 AM

COLOMBO ( News 1st ) : කොළඹ ප්‍රදේශ රැසකට අද රාත්‍රී 10 සිට පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 09, 10, 11, 12, 13, 14 සහ කොළඹ 15 යන ප්‍රදේශවලට අදාළ කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටවනු ඇති. මහ කොළඹ ජල හා ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක් සහ අඹතලේ සිට එලිහවුස් දක්වා ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ අත්‍යවශ්‍ය නඩත්තුවක් එලෙස ජල සැපයුම අත්හිටුවීමට හේතුවී තිබේ.