කරන්දෙණියදී මෝටර් රථයක ගැටී තරුණයෙකු මරුට

by Staff writer 12-09-2020 | 3:46 PM

COLOMBO ( News 1st ) : අම්බලන්ගොඩ - ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

මෝටර් රථයක් නොසැළකිලිමත් ලෙස වංගුවකදී ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් මියගොස් තිබෙන්නේ 21 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු කරන්දෙණිය, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. යතුරුපැදියේ ගමන්ගත් අනෙක් තරුණයා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව අප වාර්තාකරු පැවසුවේ ය. මෝටර් රථයේ රියැදුරු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.