ඔයාමඩුවේ ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවීමට සැලසුම්

ඔයාමඩුවේ ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවීමට සැලසුම්

by Staff writer 12-09-2020 | 3:10 PM

COLOMBO ( News 1st ) : අනුරාධපුර, ඔයාමඩුව ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවීමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

අක්කර 400 ක් භූමි භාගයක එය ඉදි කෙරෙනු ඇති. දෙස් විදෙස් ආයෝජකයින් මගින් එහි නිෂ්පාදන කම්හල් ඉදිකෙරෙන බව අමාත්‍යාංශය සඳහන් කළේ ය. ආයෝජනයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 300 කි. දේශීය අවශ්‍යාතාවයට අමතරව විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් මෙහි නිෂ්පාදන කටයුතු සිදු කිරීමට අපේක්ෂිත ය.