by Staff writer 12-09-2020 | 10:29 PM
COLOMBO (News 1st) - පළාත් සභා හා 13 වන සංශෝධනයට තමන් තවදුරටත් විරුද්ධ බව විෂය භාර අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
"එදා සිටම ඒ 13 වෙනි සංශෝධනයට ඇත්ත වශයෙන්ම විරුද්ධ වෙච්ච කෙනෙක් මම. ඒ ස්ථාවරය ඒහෙම්මයි. නමුත් මම රටේ වගකිවයුතු අමාත්‍යවරයෙක් හැටියට පළාත් සභාවලින් ඇත්ත වශයෙන්ම රටට සේවයක් සිදුවුණාද? සේවයක් සිදුවුණා නම් පළාත් සභා තිබිය යුතුයි. සේවයක් සිදුවුණේ නැද්ද? නැත්තම් කොච්චර වියදමක් යනවද? මෙන්න මේ දේ ගැන අධ්‍යනයක් කරගෙන යනවා. නමුත් පළාත් සභාවල දැනට තියෙන තත්ත්වය ඒහෙමයි. ඉතිං ඒක නිසා ඒක තමයි මගේ මතය. ලැයිස්තුවේ නීති හදන්න පුළුවන් බලතල තියෙන කරුණු ඒ විෂයන් තවදුරටත් පළාත් සභාවලට දියයුතු ද කියන ප්‍රශ්නය අපිට මතු වෙනවා. උදාහරණයක් හැටියට අපි සම්පුර්ණයෙන්ම උතුරු සභාවට දුන්නොත් පුරාවිද්‍යා නටඹුන් පිළිබඳව විෂයන්, ඉඩම් පිළිබඳව විෂය, පොලිස් බලතල විෂය අපිට අපේ උරුමය නැතිවෙන්න පුලුවන්. ඒ සම්බන්ධයෙන් ඒ වගේ බෝහෝ කරුණු තියෙනවා අපිට අධ්‍යනය කරන්න..."