ඊශ්‍රායලය හා බහරේනය අතර ඓතිහාසික සාම ගිවිසුමක්

ඊශ්‍රායලය හා බහරේනය අතර ඓතිහාසික සාම ගිවිසුමක්

by Staff writer 12-09-2020 | 8:14 AM

COLOMBO ( News 1st ) : ඊශ්‍රායලය හා බහරේනය සිය සබඳතා පූර්ණ ලෙස සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ඓතිහාසික එකඟතාවකට පැමිණ තිබේ.

මේ බව නිල වශයෙන් නිවේදනය කළේ, අමෙරිකානු ජනපති ඩොනලඩ් ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයක් මගින් ය. ඒ අනුව ගත වූ දින 30 තුළ ඊශ්‍රායලය සමග සබඳතා සාමාන්‍ය අතට පත් කිරීමට ගිවිසුම්ගත වූ දෙවැනි අරාබි රට බහරේනයයි. මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඊශ්‍රායලය සමග මෙවැනිම ලෙස ඓතිහාසික සාම ගිවිසුමකට එළඹුණි. අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් ජනවාරි මාසයේ මැදපෙරදිග කලාපයේ රටවල සාමය ඇති කිරීම සඳහා වන සැලසුම ඉදිරිපත් කළේ ය. ඊශ්‍රායල - පලස්තීන අර්බුදයට දිගු කාලීන විසඳුමක් ලබාදීම මෙම සැලසුමේ අරමුණ වී තිබේ. අරාබි රටවල් රැසක් වසර ගණනාවක සිට ඊශ්‍රායලය සමග හොඳ හිත පළුදු වී තිබුණේ පලස්තීන අර්බුදයට විසඳුම් නොලැබීම හේතුවෙන් ය.