හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත අවසන් ගමන් යයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත අවසන් ගමන් යයි

by Staff writer 11-09-2020 | 4:29 PM

COLOMBO (News 1st) : 70 දශකයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ අදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා දකුණත් වේගපන්දු යවන්නෙකු ලෙස ඔහු 1975 සහ 1979 ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගී වූ අතර එක්දින තරග 05 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය. අයර්ලන්තයේ පළමු පෙළ තරග සඳහා ද එක් වූ ටෝනි ඕපාත මහතා නෙදර්ලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ.