ලියාපදිංචි නොකළ ක්‍රීම් හා දියර වෙළෙඳපොළේ තහනම්

වෙළෙඳපොළේ ඇති ලියාපදිංචි නොකළ ක්‍රීම් හා දියර සමට අහිතකරයි - පාරිභෝගික කටයුතු අධිකාරිය

by Staff writer 11-09-2020 | 3:57 PM

COLOMBO (News 1st) : ආනයනික සහ ලියාපදිංචි නොකළ වෙළෙඳ නාම සහිතව ඉදිරිපත් කරනු ලබන ක්‍රීම් මෙන්ම දියර වර්ග රැසක් සමට අහිතකර බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.  

එම අධිකාරිය පෙන්වා දෙන්නේ , ඒ පිළිබඳව ජනතාවගෙන් ද පැමිණිලි ලැබී ඇති බවයි. අදාළ ආලේපනවල ඊයම් , ආසනික් , රසදිය සහ කැන්ඩියම් අඩංගු විය යුතු අනුමත උපරිම සීමාවන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. එම ගැසට් නිවේදනයට අනුව නිෂ්පාදනයේ නම , නිෂ්පාදකයාගේ නම , ලිපිනය , ආනයනකරුගේ නම සහ ලිපිනය , නිෂ්පාදිත රට , සන්නාමය, බර/පරිමාව , කාණ්ඩ හෝ කේත හෝ තොග හඳුනාගැනීමේ අංකය ඇතුළත් විය යුතු ය. ඊට අමතරව නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය , උපරිම සිල්ලර මිල , අමුද්‍රව්‍ය ලැයිස්තුව , භාවිතා කිරීම සඳහා උපදෙස් අවශ්‍ය වේ නම් අවවාද , අනතුරු හැඟවීමේ ප්‍රකාශන ද එම දවටනවල සඳහන් විය යුතු ය. මේ පිළිබඳව වෙළෙඳසල් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පාරිභෝගික කටයුතු ක්‍රියාත්මක කර තිබේ.