වෛද්‍ය සභාවේ තීරණය රාජ්‍ය තාන්ත්‍රිකව බලපායි ද?

රුසියානු විශ්වවිද්‍යාල 03 ක් ගැන වෛද්‍ය සභාව ගත් තීරණය රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා දුරදිග යයිද?

by Staff writer 11-09-2020 | 7:41 PM

COLOMBO ( News 1st ) : පූර්ව දැනුම්දීමකින් තොරව තම විශ්වවිද්‍යාල 03 ක් පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට වෛද්‍ය සභාව ගත් තීරණය පිළිබඳව දැඩි අවදානය යොමුකර ඇතැයි රුසියාව පවසයි.

මෙරට රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික  කටයුතු  අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම තීරණය ශ්‍රී ලාංකිකයින්ට රුසියාව ලබාදෙන රාජ්‍ය ශිෂ්‍යත්ව අත්හිටුවීමට පෙළඹවීමක් නොකරනු ඇති බවයි. ලෝක ප්‍රකට පැට්‍රිස් ලුමුම්බා හෙවත් වර්තමානයේ රුසියානු මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය, පිරොගොව්ෆ් ජාතික පර්යේෂණ වෛද්‍ය විශ්වවිද්‍යාලය සහ ට්වෙර් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික  කටයුතු  අංශය පැවසුවේ 60 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉතිහාසය තුළ රුසියාව ශ්‍රී ලංකාවට ශිෂ්‍යත්ව විශාල ප්‍රමාණයක් පිරිනමා ඇති අතර ඒ මගින් විදවතුන් රැසක් බිහිකර ඇති බවයි. මෙම තීරණය නිසා ශ්‍රී ලංකා ජනතාවට රුසියානු රාජ්‍ය හරහා ලැබෙන මෙම වරප්‍රසාදය අහිමි වීමෙන් රටේ තරුණ පරපුරට හිමිවන අවස්ථා අහිමි නොකරනු ඇතැයි විශ්වාස කරන බව ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් විය. මීට පෙර ඇස්බැස්ටෝස් තහනම පැනවීමට ශ්‍රී ලංකාව තීරණය කළ අවස්ථාවේ දෙරට අතර වෙළෙඳ සබඳතා බරපතල අර්බුදයකට ලක්විය. සෘජුව සබදතාවක් ප්‍රකාශ නොකළත්, එම අවස්ථාවේ රුසියාව ශ්‍රී ලංකාවේ තේ ගෙන්වීම අත්හිටුවීමට පියවර ගත්තේ කුඩා කෘමියෙකු තේ තොගයකින් සොයාගත් බව පවසමින් ය. ශ්‍රී ලංකාවේ තේ මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවා රුසියාවයි. කොළඹ තේ වෙළදුන්ගේ සංගමයේ සභාපති ජයන්ත කරුණාරත්න මහතා
අපි ලංකාවෙන් තේ විශාල ප්‍රමාණයක් රුසියාවට එක්ස්පෝර්ට් කරනවා. අපේ මේ ට්‍රේඩ්න් එකේ හුඟාක් ලංකාවට වාසිවෙන විදියට තමයි හැමදාම තිබුණේ. අපිට දැනගන්න ලැබුණා පහුගිය දවස්වල අපේ මෙඩිකල් කවුන්සිල් එකෙන් රුසියාවේ මෙඩිකල් ෆැකල්ස්ටීස් කිහිපයක් ඩී ලිස්ට් කරලා තියෙනවා. ඒක මම හිතන්නේ ටිකක් අපිට ප්‍රශ්නයක් වෙයි. අපිට හරි ඉම්පෝර්ටන්ට් මේ රිලේෂන් ශිෆ් එක තියාගන්න. අපි රික්වෙස්ට් කරන්නේ හෙල්ත් මිනිස්ට්‍රි එකට හෙල්ත් මිනිස්සටට මේකට ඉන්වෝල් වෙලා මෙතන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසදන්න.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පවසන්නේ, වෛද්‍ය සභාව මේ තීරණය ගැන පැහැදිලි කිරීමක් කළ යුතු බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා
වෛද්‍ය සභාවට ඇතත්ටම බලතල තියෙනවා තමන් ලියාපදිංචි කරලා තියෙන වෛද්‍ය පීඨයක් සම්බන්ධයෙන් හොයලා බලලා ඒ ආයතනය තුළ ප්‍රමිතිය නැත්තම් ප්‍රමිතිය නැතිවීම සැලකිල්ලට අරගෙන ඒ ආයතනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් තීරණයක් ගන්න. වෛද්‍ය සභාව පහුගිය කාලෙත් මෙවැනි සම්බන්ධයෙන් තීරණ ගත්තා. ඕනෑ තරම් වෛද්‍ය පීඨ ඩී රෙජිස්ටර් කළා. අද දවසේ යමේ ප්‍රශ්නය මතුවෙලා තියෙන්නේම මේ වෛද්‍ය සභාවේ සමහර සාමාජිකයින්ගේ අරමුණුවල යටි අරමුණු මොනවාද කියන එක පැහැදිලි නැති හින්දා. මේ මොහොතේදී අපි වෛද්‍ය සභාවෙන් ඉල්ලන්නේ බොහොම සරළ ඉල්ලීමක්.ඒක තමයි තමන් මේක සද්භාවයෙන් කළා නම් කරුණාකරලා රටට ඇමතිතුමියට පැහැදිලි කරන්න මොන හේතුව නිසාද වෛද්‍ය පීඨය තහනම් කළේ.