by Staff writer 11-09-2020 | 9:39 PM
COLOMBO ( News 1st ) : සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවීම පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම හා ප්‍රමුඛතා හඳුනාගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන නිලධාරීන් වෙනුවෙන් වැඩමුළුවක් අද කොළඹදී පැවතිණි.
එහිදී ආරක්ෂක සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා තම අදහස් පල කළේ ය.
මගේ දේශපාලන ඇජෙන්ඩා එකක් නෑ. මට ඉල්ලීම රාශියක් ආවා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දෙ ඉල්ලන්න කියලා නායකයින්ගෙන්. නමුත් ඒ වෙලාවේ මම කියපු දෙයක් තමයි සර් මගේ ඇජෙන්ඩා එකේ එහෙම දෙයක් නෑ කියලා. මම අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් පත් කළාම කැළඹීම් ස්වභාවයක් නොසන්සුන් තාවයක් ඇති වුණා . රජයේ නිලදාරීන් තුළම. මොකද මගේ අමාත්‍යාංශයට අයත් ආයතනයක ඉන්නවා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම අතිරේක ලේකම්වරයෙක්. පහුගිය මාස 05 ටම මම එතුමාව දැක්කේ එක පාරයි. එතකොටම මට එතුමාව මතක් වුණා . මම මෙතුමට කිව්වා මම අර තුමාව එවනවා මට අවශ්‍ය නෑ කියලා . ඔබතුමා කැමති තැනකට දාගන්න කියලා . ඔබතුමන්ලා කියයි 1986 අර චක්‍ර ලේඛයේ මේන්න මේ වගන්තියට අනුව මෙහෙමයි වෙන්න ඕනේ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි සර් කියලා . මට ඒවා බෑ . මම චක්‍රලේඛ කටපාඩම් කරන්නේ නෑ මොකද මම චක්‍රලේඛ එක්ක වැඩ කරලා නෑ. නමුත් මම දන්නවා මට හොඳට මැනේජ් කරන්න පුළුවන් . දන්න මිනිහාගෙන් වැඩේ ගන්න මට තේරෙනවා .