ප්‍රේමලාල් ජයසේකරගේ දිවුරුම් දීම ගැන අදත් සංවාදයක්

ප්‍රේමලාල් ජයසේකරගේ දිවුරුම් දීම ගැන අදත් පාර්ලිමේන්තුවේදී සංවාදයට

by Staff writer 11-09-2020 | 8:39 PM

COLOMBO(News 1st) - මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම පිළිබඳව, අදත් පාර්ලිමේන්තුවේදී සංවාදයට ලක් විය.

අද ඒ පිළිබඳව යළිත් ප්‍රශ්න කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,
1982 සෙල්වරාජා යෝගචන්ද්‍රන් එහෙමත් නැත්තම් කුට්ටිමනි, නමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ විසින් චෙලෝ සංවිධානයේ නායකයා හැටියට පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් හැටියට නම් කරනු ලැබුවා. එතකොට මැතිවරණ කොමසාරිස්වරයා ඒ නම මන්ත්‍රිවරයෙක් හැටියට ගැසට් කරලා ගරු කතානායකතුමාට පාරිලිමේන්තු මහ ලේකම්වරයාට එවලා තිබුණා. ඒ පුද්ගලයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මරණීය දණ්ඩණය හිමි වෙච්ච පුද්ගලයෙක්. ඒ යෝගචන්ද්‍රන් මහත්මයා, මන්ත්‍රිතුමා අභියාචනාවක් ඉදිරිපත් කරලා තිබුනු අවස්ථාවකදී ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වශයෙන් දිවුරුම් දීමට අවස්ථාවක් සලසලා දුන්නේ නැහැ. එවකට කතානායක විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාවටත් ඒවගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන ව්‍යවස්ථාවටත් අනුකුලව, ගරු බාකිර් මාකර් කතානායකතුමා බොහෝම වැදගත් පුර්වාදර්ශයක් ලබාදීලා තිබෙනවා. ඒ ප්‍රතිපත්තිය තුළ ඒ නිසා විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ පුර්වාදර්ශයට පටහැනිව තමයි ඔබතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාවත් ඒවගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වෙනි ව්‍යවස්ථාවත් උල්ලංඝණය කරමින් මේ දින කිහිපයකට පෙර ඒ තීන්දුව ඔබතුමා අරගෙන තිබෙනවා. ඇයි ඒ පුර්වාදර්ශය ක්‍රියාත්මක කරන්නට ඔබතුමා කටයුතු නොකරන්නේ? ඔබතුමා ගත්තු තීන්දුවන් මට හැඟී යන ආකාරයට 89 වන ව්‍යවස්ථාවත් 91 වන ව්‍යවස්ථාවත් එතුමාගේ අතින් උල්ලංඝණය වෙලා තියෙනවා කියන එක මම මේ වෙලාවේ කණගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕන.
කතානායක
ඇපීල් උසාවියේ තීන්දුවක් අපිට එවලා තියෙනවා. ඒ තීන්දුව අනුව අපි කටයුතු කළා මිසක් අපි ඒ සම්බන්ඳයෙන් වග විභාග කරන්න ගියේ නැහැ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,
අධිකරණයටවත් ඒ විනිසුරුවන් පිළිබඳවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳව කතා කරෙත් නැ, කතාකරන්න යන්නෙත් නෑ, ඒ සාදාචාර නොවන ක්‍රියාමාර්ගය අපි අනුගමනය කරන්නට ලෑස්ති නෑ. 89 වෙනි ව්‍යවස්ථාවටත් 91 වෙනි ව්‍යවස්ථාවටත් වැඩිය ඉහළින් තියෙන තවත් ව්‍යවස්ථාවක්, අපි නොදන්න ව්‍යවස්ථාවක් තියෙනවාද මේ රටේ?
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල
බණ්ඩාරනායක මැතිනියට විරුද්ධව ගෙනාපු විභාගය.
කතානායක
ඒක මෙතනට අදාල නෑනේ ගරු මන්ත්‍රිතුමා.
ලක්ෂ්මන් කිරිඇල්ල
අදාලයි
කතානායක
අපි මේ වෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ . ඔබතුමා මේ සභාව නොමඟ ගෙනියන්නයි මේ උත්සහ කරන්නේ. සභාව වෙනත් මාර්ගයක ගෙනියන්නයි මේ උත්සහ කරන්නේ.
ලක්ෂ්මන් කිරිඇල්ල
නෑ මම කියන්නේ මන්ත්‍රිවරයෙක් දිවුරුම් දීම පාර්ලිමේන්තුවට අයිති වැඩක්.
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
මේ තර්ක ගෙන ඒම සම්පුර්ණයෙන්ම වැරදියි. නමුත් අපේ මන්ත්‍රිතුමාගේ අයිතිවාසිකම් යලි යලිත් නැතිවන බව ප්‍රකාශ කිරිම, හැන්සාඩ් වර්තාවෙන් ඉවත් කරන ලෙස අපේ මන්ත්‍රීවරයාට තියෙන අයිතිවාසිකම් නෑ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,
අපේ අදහස් එහෙම හැන්සාඩ් වර්තාවෙන් මකලා දාන්න හැකියාවක් නෑ. මම බෝහොම වැදගත් තින්දුවක් ඉදිරිපත් කළේ. මුලු රටම අපි හැමොම අවබොධ කරන් තියෙනවා. ඔබතුමා අඥාදායකයෙක් නෙවෙයි. ඔබතුමාට වගකිමක් තියෙනවා. අපේ අදහස් එහෙම හැන්සාඩ් වර්තාවෙන් මකලා දාන්න හැකියාවක් නෑ.මම බෝහොම වැදගත් තින්දුවක් ඉදිරිපත් කළේ. එහෙම එකක් ඉදිරිපත් කරන කොට කොහොමද කියන්නේ හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කියලා.
නලින් බණ්ඩාර - පා.ම සමගි ජන බලවේගය
අපි දැක්කා ඊයේ පෙරේදා ගාඩියන් , නිව්යෝර්ක් ටයිම්ස් වගේ ලෝකයේ ප්‍රධාන පුවත්පත්වල ඔබතුමාගේ නම සඳහන් කරමින්, මේ මන්ත්‍රිවරයාගේ දිවුරුම් දීම පිළිබඳව, අපේ රටේ නමට කීර්ති නාමයට කැළලක්වන ආකාරයට තමයි වාර්තා කරලා තිබුණේ. ඔබතුමත් දැන් ජාත්‍යන්තරයට ගිහිල්ලා තියෙන්නෙ. මම හිතනවා ව්‍යවස්ථාදායකයේ මුල් පුටුව දරණ ඔබතුමා විසින් අපේ හිටපු කතානායක අනුර බණ්ඩාරනායක , බාකිර් මාකාර් මැතිතුමා වගේ අය උදාහරණයට අරගෙන මේක නිවැරදි නොකොලොත් , මේක පාර්ලිමෙන්තුවට කරන ලොකු අගෞරවයක්. මෙය නිවැරදි කරන්න වහාම කටයුතු කරන්න ඔබතුමා.