වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

නිකවැරටිය වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මරුට.

by Staff writer 11-09-2020 | 3:02 PM

COLOMBO ( News 1st ) : නිකවැරටිය මහකිරින්ද ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු  මසුන් ඇල්ලීමට යමින් සිටියදී වන අලි ප්‍රහාරයකට ලක්ව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේය.

ඉන් එක් අයෙකු ප්‍රහාරයට ලක්ව මිය ගිය අතර අනෙක් දෙදෙනා පලාගොස් දිවි බේරා ගෙන ඇතැයි සඳහන් වේ. මියගිය පුද්ගලයා 60 හැවිරිදි තිදරු පියෙකි. ගම්වැසියන් පැවසුවේ ගම අසළ රක්ෂිත ප්‍රදේශයෙන් මෙපිට ද නිරන්තරයෙන් වන අලින් ගැවසෙන බවයි. තමන්ට ඇති ජීවිත අවදානම පිළිබඳව වනජීවී නිලධාරීන් දැනුවත්කර ඇතත්, කිසිදු පිළිසරණක් නොමැති බවට ගම්වාසීන් මැසිවිලි නගයි.