by Chathurika Jayasundara 11-09-2020 | 6:27 PM
COLOMBO ( News 1st ) : ගම්පොල, රත්මල්කඩුව ප්‍රදේශයේ නිවසක් මතට අසළ ඉඩමක බැම්මක් කඩා වැටීම නිසා පවුලක් අසරණව සිටියි.
අප වාර්තාකරු පැවසුවේ දෙදරු පියෙකු වන නිවෙස් හිමියා ත්‍රීරෝද රථ රියැදුරෙකු බවයි.
ආර්ථික අපහසුතාවලින් පීඩාවට පත්ව සිටින ඔහු , තමා මුලින් පදිංචිව සිටි නිවස විකුණා ඇත්තේ ලබාගෙන තිබු ණය පියවීමේ අරමුණින් ය.
බැංකු ණයක්ද ලබා ගෙන ඇති ඔහු පසුව ණය පියවා ඉතිරි වූ මුදලින් ගම්පොල, රත්මල්කඩුව ප්‍රදේශයේ පිහිටි මෙම කුඩා නිවස මිලදී ගෙන තිබේ.
බිරිඳ හා දරු දෙදෙනා සමග වාසය කළ එම නිවස මතට අසළ නිවසක ඉඩමෙහි පැති බැම්ම කඩා වැටී ඇත්තේ පසුගියදා පැවති අධික වර්ෂාව
හේතුවෙනි .
බැම්මේ උස අඩි 24 ක් පමණ වන අතර, එය කඩා වැටීම හේතුවෙන් නිවස මුළුමනින්ම විනාශ වී තිබේ.
https://youtu.be/9KDzg6mSbnU