ළමා අපයෝජනයක්: සහකාර විදුහල්පතිවරයෙකු දැලේ

ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් කොළඹ පාසලක සහකාර විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට

by Staff writer 11-09-2020 | 7:20 AM

COLOMBO (News 1st) - ළමා අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් කොළඹ පාසලක සහකාර විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ එකොලොස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන උපකාරක පන්තියකට සහභාගි වූ සිසුවෙක් එලෙස අපයෝජනයට ලක්කර ඇති බවයි. ළමා ආරක්ෂක අධිකාරියට ලද පැමිණිල්ලකට අනුව පානදුර පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.