
වෙළෙඳපොළේ ඇති ලියාපදිංචි නොකළ ක්‍රීම් හා දියර සමට අහිතකරයි – පාරිභෝගික කටයුතු අධිකාරිය
වෙළෙඳපොළේ ඇති ලියාපදිංචි නොකළ ක්‍රීම් හා දියර සමට අහිතකරයි – පාරිභෝගික කටයුතු අධිකාරිය
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : ආනයනික සහ ලියාපදිංචි නොකළ වෙළෙඳ නාම සහිතව ඉදිරිපත් කරනු ලබන ක්‍රීම් මෙන්ම දියර වර්ග රැසක් සමට අහිතකර බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
එම අධිකාරිය පෙන්වා දෙන්නේ , ඒ පිළිබඳව ජනතාවගෙන් ද පැමිණිලි ලැබී ඇති බවයි.
අදාළ ආලේපනවල ඊයම් , ආසනික් , රසදිය සහ කැන්ඩියම් අඩංගු විය යුතු අනුමත උපරිම සීමාවන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව නිෂ්පාදනයේ නම , නිෂ්පාදකයාගේ නම , ලිපිනය , ආනයනකරුගේ නම සහ ලිපිනය , නිෂ්පාදිත රට , සන්නාමය, බර/පරිමාව , කාණ්ඩ හෝ කේත හෝ තොග හඳුනාගැනීමේ අංකය ඇතුළත් විය යුතු ය.
ඊට අමතරව නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය , උපරිම සිල්ලර මිල , අමුද්‍රව්‍ය ලැයිස්තුව , භාවිතා කිරීම සඳහා උපදෙස් අවශ්‍ය වේ නම් අවවාද , අනතුරු හැඟවීමේ ප්‍රකාශන ද එම දවටනවල සඳහන් විය යුතු ය.
මේ පිළිබඳව වෙළෙඳසල් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පාරිභෝගික කටයුතු ක්‍රියාත්මක කර තිබේ.
- සිරස ලක්ෂපති 10වැනි අදියර 11 වැනිදා සිට..
- වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මුදල් අමාත්‍යාංශයට කැඳවයි
- පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
- පැරිස් සමාජයෙන් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය IMF වෙත – ජනාධිපති මාධ්‍ය අංශය
- උ/පෙළ සමයේ විදුලි කප්පාදුව: පෙත්සම සලකාබලා අවසන්..තීන්දුව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා
- මැතිවරණ කොමිසමේ සාමාජික චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
- තුර්කි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත ගණන 5,000 ඉක්මවා යයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරයි
- නිදහස් උත්සවයේ වියදම් ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍යයි… වැය කළ මුළු මුදල මෙන්න… ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
- හිටපු නියෝජ්‍ය ඇමති සරණට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙයි