COLOMBO (News 1st) - 20 වන සංශෝධනයෙන් විගණන කොමිසම අහෝසිවීමත් සමග සිදුවීමට යන අනතුර ගැන වෘත්තීය සමිති මහ නාහිමිවරුන් දැනුවත් කරද්දී අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව ප්‍රකාශ කළේ, ජනතාව ව්‍යවස්ථා වෙනසට අනුමැතිය දී ඇති බවය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,
මේ රටේ බුද්ධිමත් ජනතාව මම ඒකයි ඔබතුමාට කිව්වේ හරියට කිරලා මැනලා බලලා හරියටම 150 ලබලා දුන්නා මේ රටේ ජනතාව වර්තමාන පාර්ලිමේන්තුව තේරී පත්වෙන්න.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,
ඒ අඩුපාඩු තියෙන දෙක හෝ තුන පිළිබඳව මම අපේ ඡන්දේ එනවානේ මේ පිළිබඳ ඡන්දේ එනවා. එතකොට ඔබතුමාට බලාගන්න පුළුවන් 150 ට දෙකක් අඩුද තුනක් අඩුද 15 ක් වැඩිද කියන එක ඔබතුමාට බලාගන්න පුළුවන්. ඔබතුමාට බලාගන්න පුළුවන් ඔය පැත්තේ ඉඳලා මේපැත්තට ඇවිල්ලා කීයක් ඡන්දේ දෙනවද කියලා ඔබතුමාට බලාගන්න පුළුවන් සජිත් ප්‍රේමදාසට විරුද්ධව කීදෙනෙක් ඡන්දේ දෙනවද කියලා. සමගි ජන බලවේගයෙන් ටෙලිෆෝන් එකෙන් වයර් ගැලවිලා කීයක් එනවද කියලා බලාගන්න පුළුවන්.
සමගි ජන බලවේගයේ පා.ම මුජිබර් රහුමාන් මහතා,
මේ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු යටතේ තියෙන ඒ නිවේදන 6 ගැන පොඩ්ඩක් අපිට විස්තර කරානම් හුඟාක් හොඳයි කියලා මොකද එතුමාගේ තියෙන විෂය පථය නෙවෙයි එතුමා කතා කරන්නේ.
කතානායක,
එතුමාගේ කතාව අවසන් නැහැ තාම.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,
කංජිපානි හම්බුනේ කොහේද? කංජිපානිගේ පාටි එකට ගියපු ඔක්කොම මට කියන්න පුළුවන්. කංජිපානිගේ වාහනවලින් පාටිවලට ගියේ කවු ද? හිටපු ෆෝටෝ ටික මම කියන්නම්. යන්න පංතිවලට ගිහින් ඉගෙනගන්න මේ දරුවෝ ටික. තමුන්නාන්සේලා නෙවෙයිද අධිකරණයට බලපෑම් කරේ? තමුන්නාන්සේලා රන්ජන් රාමනායක මහත්තයා දාලා අධිකරණයේ විනිසුරුවරුන්ට කතා කරන්න කියලා එතුමාට කියන්නේ? අධිකරණයේ විනිසුරුවරුන් කීදෙනෙක්ට හිරේ යන්න වුනාද කියන්න? අධිකරණවලට බලපෑම් කරලා නඩු දැම්මේ නැද්ද කියලා කියන්න? අල්ලස් දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියට බලපෑම් කරපු හැටි කිව්වේ නැද්ද කියලා කියන්න? අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්න අයිතියක් නැහැ.
සමගි ජන බලවේගයේ පා.ම තුෂාර ඉඳුනිල් මහතා,
මේ ස්ථාවර නියෝග 92 යටතේ මම මේ අහන්නේ
වීරසුමන වීරසිංහ,
ඒක රීති ප්‍රශ්නයක් නෙවෙයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,
මගේ මිත්‍රයා පොඩ්ඩක් ඉදගන්නකෝ. මම දන්නවා රිදෙනවා කියලා හැබැයි ඉදගන්නකොට ඔලුව තැලෙයි. මතකද හිටපු අග්‍රවිනිශ්චකාර මොහාන් සිල්වා මහත්තයා එළියට දාපු හැටි. තමුන්නාන්සේලා අධිකරණයට කරපු දේවල් මම දවස් දෙකක් කතා කරන්නම්. තමුන්නාන්සේලා රෙදි ඇඳගෙනද අධිකරණ ගැන කතා කරන්නේ? මැතිවරණ සිතියම හැකිලුවා. ප්‍රාදේශිය සභා කල් දැම්මා, පළාත් සභා කල් දැම්මා, රෙදි ඇදන්ද කතා කරන්නේ 19 ගෙනාපු පලවෙනි කොන්දේසිය මහින්ද රාජපක්ෂ මහත්තයාට තුන්පාරක් ඉල්ලන්න බෑ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඡන්දේ ඉල්ලන්න බෑ, නාමල් රාජපක්ෂට ඡන්දේ ඉල්ලන්න බෑ, එහෙනම් 19 ගෙනාවේ රනිල් ශක්තිමත් වෙන්නයි රාජපක්ෂවරු සීමා කරන්නයි තමුන්නාන්සේලා ගෙනාවේ 19 ඒක හොඳට මතක තියාගන්න. දැන් මේකට බයවෙලා.
සමගි ජන බලවේගයේ පා.ම නලින් බණ්ඩාර මහතා,
අපි එතුමාගේන් අහනවා ඇයි එතුමා 19 ඡන්දේ දුන්නු කෙනෙක්. අපි විනාඩි පහක් දෙනවා..
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,
නලින් බණ්ඩාර ඇමතිතුමා ඔව් අපි 19 ට අත ඉස්සුවා. 19 ට අත ඉස්සුවේ තමුන්නාන්සේලාගේ රනිල් වික්‍රමසිංහයි මෛත්‍රිපාල ජනාධිපතිතුමායි 20 ගේනවා කිව්වා. 20 ගේනවට කොන්දේසි පිට තමයි අත ඉස්සුවේ.තමුන්නාන්සේලා ගේනාවේ නැහැ.
සමගි ජන බලවේගයේ පා.ම නලින් බණ්ඩාර මහතා,
මේ දවස්වල බුල්ඩෝසරේ හරි ප්‍රසිද්ධයි ඩෝසර් එක. දැන් මම හිතනවා කැලැ ඩෝසර් කරන්න ඕන නෑ. මෙතන පාර්ලිමේන්තුවේ ග්‍රවුන්ඩ් එක ළඟ ඉඳලා ඩෝසර් ටිකක් ගෙනල්ලා මේක ඩෝසර් කරලා දැම්මා නම් ඉවරයි. මොකද පාර්ලිමේන්තුවට වටිනාකමක් නැහැ. මේ විසිවෙනි සංශෝධනය සම්මත වුනාට පස්සේ එක පුද්ගලයෙක් මට ප්‍රජාතන්ත්‍රවාදී සියලු දේවල් ඒකරාශි වෙනවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ, අධිකරණයක් නැහැ, මහින්දානන්ද අළුත්ගමගේ මහත්තයාගේ කෘෂිකර්ම අමාත්‍යාංශය තියෙන්නේ ආයතන 4 යි. හිස් වෙච්චි පෙට්ටියක් දීලා තියෙන්නේ. ඒ අඳෝනාව තමයි මහින්දානන්ද අළුත්ගමගේ මහත්තයාව පාවිච්චි කරලා තියෙන්නේ බොරුවට කෑගහන්න මේ පාර්ලිමේන්තුවේ. ආයතන නෑ.
කර්මාන්ත අමාත්‍ය වීමල් වීරවංශ මහතා,
අවුරුදු 4 හමාරක් මේ රට කෑවා. පටන් ගත්තේ මහදවාලේ මහ බැංකුව හොරා කාලා. මෙතන කතා කරනවා පවුල් පාලනයක් ගැන එතන තිබුනා අමුතු පාලනයක්. ඒක මම කියන්නේ නැ ඒ පාලනයට කියන වචනය. මේ රටේ ආර්ථිකය 1.7% ට පල්ලම් බස්සලා මංකොල්ලකැම අතින් මේ රටේ ප්‍රබලතම මංකොල්ලය මහ බැංකු මංකොල්ලය කරලා පටන් අරගෙන, රටේ සාමාන්‍ය ජන ජීවිතය නන්නත්තාර කරපු, නොතිබිච්ච සහරාන්ලගේ ත්‍රස්තවාදයකට පන දීපු, බුද්ධි අංශ වාර්තා එකපිට එකපිට වගේ වගක් නැතුව ඔහේ හිටපු, මේ නිකම් පුස්සන්ගේ ආණ්ඩුවක් කරලා පුස්සන්ගේ ආණ්ඩුවේ හිටපු පෙන්දෝ අද ඇවිල්ලා කතා කරනවා ආයේ අර වචන ටික පවුල් පාලනය. ඔය කුණුහරුප වචන ටික අහලා රැවටිලා ආයේ අම්මා මුතත්තා කිව්වාත් ඔය කුණුහරුප වචන ටික රැටෙන්නේ නෑ කියන අධිෂ්ඨානය ඇතුව තමයි මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරේ. තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් හදලා දුන්නේ.
මේ අතර අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ, කාරක සභා අවස්ථාවේදී 20 වන සංශෝධනයේ වෙනස්කම් සිදු කළ හැකි බවය.
සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,
17 වන සංශෝධනය හා 19 වැනි සංශෝධන හැන්සාඩ් වාර්තා අරන් බැලුවොත් පෙනි යන කරනාව තමයි කරක සභා අවස්ථාවේදී තමයි ඇත්තෙන්ම පනත් කෙටුම්පත බරපතල ලෙස වෙනස් වෙමින් අවසාන ස්වරූප වෙනස් වුනේ කමිටු අවස්ථාවේ. ගැසට් මගින් ප්‍රකාශ කරපු එක නෙවෙයි සම්මත වුනේ ඉතින් 150 සදාගැනීම සඳහා 150 හේ කැමැත්ත ලැබෙන අකාරයට ඒ ලේඛනයට වෙනස්කම් කරන්න ඕනේ වුනොත් කරන්න ඕනේ. ආණ්ඩුවේ තුනෙන් දෙකකින් සම්මත කළ යුතු ලේඛනයක් අර සමාන්‍ය වගේ ගැසට් කරපු දේම සම්මත වෙන්නේ නෑ.
මාධ්‍යවේදී,
විසිවන සංශෝධනය ජනාධිපතිතුමාගෙයි අලි සබ්රි ඇමතිතුමාගෙයි වැඩක් විතරයි මේ ගැන ගැසට් කරනකම් මොකුත් දන්නේ නෑ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියලා එහෙම කතාවක් යනවා.
සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,
ඒ කතානේ කට කතාවලට නොරැවටෙන්න කියලා ඒ දවස්වල අපි දැන්වීම් දැම්මා.
මාධ්‍යවේදී,
මොනයම් හේතුවකට හෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මෙකට කැමැත්ත දෙන පිරිස් සම්බන්ධ කරගැනීමේ සුදානමක් තියෙනවා ද?
සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,
20 වන සංශෝධනය සම්මත කරගැනීම සඳහා පිල් මාරු කිරීම අවශ්‍යතාවක් නෑ. 20 හොඳයි කියලා හිතන ඕනෑම මන්ත්‍රීකෙනෙකුට විපක්ෂයේ සිට එයට සහාය දීමේ බාධාවක් නෑ.
https://www.facebook.com/NewsfirstSL/videos/324953962107704/