"වසර 2 කින් පසුව ධුරය අත්හැරීමේ සැලැස්මක් නැහැ"

වසර 2 කින් පසුව ධුරය අත්හැරීමේ සැලැස්මක් නැහැ - අගමැති

by Staff writer 10-09-2020 | 6:25 PM

COLOMBO (News 1st) - වසර දෙකකින් පසුව ධුරය අත්හැරීමේ සැලැස්මක් නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ඩේලි මිරර් පුවත්පතට පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ, වසර 5 කට ජනතාව බලයදී ඇති බැවින් එම කාලය සම්පූර්ණවීමට පෙර ධුරය අත්හැරීමේ අදහසක් නොමැති බවය. අග්‍රාමාත්‍යවරයා පුවත්පතට මේ අදහස් පළකර තිබුනේ, වසර දෙකකින් ධුරය අත්හැරීමේ සූදානමක් ගැන පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමිනි.