ලෙබනනයේ බේරුට් වරායේ යළිත් ගින්නක්

ලෙබනනයේ බේරුට් වරායේ යළිත් ගින්නක්

by Staff writer 10-09-2020 | 6:04 PM

News 1st - මීට මාසයකට පෙර දැවැන්ත පිපිරීමකට ලක් වූ ලෙබනනයේ බේරුට් වරායේ යළිත් විශාල ගින්නක් හට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ගින්නට හේතුව මෙතෙක් නිෂ්චිතව අනාවරණය වී නොමැති බවයි. පසුගිය මාසයේ බේරුට් වරායේ සිදු වූ පිපිරීමෙන් වරාය අවට ගොඩනැගිලි සම්පූර්ණයෙන් විනාශ විය. එලෙස විනාශ වී තිබූ ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇතැයි සඳහන් වේ. ලෙබනන හමුදාව සඳහන් කළේ, වරායේ තීරුබදු රහිත කලාපයේ තෙල් සහ ටයර් ගබඩා කර ඇති ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති බවය.