නායයාමේ අවදානමක්: පවුල් 20ක් ඉවතට

නායයාමේ අවදානමක් නිසා බදුරලියේ පවුල් 20 ක් නිවාසවලින් ඉවතට

by Staff writer 10-09-2020 | 3:39 PM

COLOMBO (News 1st) - නායයාමේ අවදානමක් හේතුවෙන් බදුරලියේ පවුල් 20 ක් නිවාසවලින් ඉවත් කර තිබේ.

පොලීසිය පැවසුවේ ඒ අතර පුද්ගලයින් 50 දෙනෙකු වන බවයි. ඔවුන් තාවකාලිකව කොස්ගුලන, ගංගාරාම විහාරස්ථානයේ රඳවා ඇතැයි පොලීසිය පවසයි.