කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා පැය 12 ක ජල කප්පාදුවක්...

by Staff writer 10-09-2020 | 5:22 PM

COLOMBO (News 1st) - අනිද්දා (12) රාත්‍රී 10.00 සිට පසුදා පෙරවරු 10 දක්වා පැය 12 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ, මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් සහ අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ අත්‍යශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටවුවන බවය. ඒ අනුව කොළඹ 10,11,12,13,14 හා 15 යන ප්‍රදේශවලට අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය නිවේදනය කළේ ය.