by Staff writer 10-09-2020 | 9:03 AM
COLOMBO (News 1st) - කැපුම් තුවාල සහිතව මියගිය අයෙකුගේ සිරුරක් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයෙන් සොයගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා කවුරුන්දැයි හඳුනාගෙන ඇති බවයි.
74 හැවිරිදි ඔහු හෝකන්දර, සිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම පුද්ගලයා පසුගිය 07 වැනිදා සිට අතුරුදන්ව සිටි බවට ඔහුගේ පුත්‍රයා තලංගම පොලීසියට පැමිණිලි කර තිබූ බව ද සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.