අනතුරකට අත වනන කැලණි ගං ඉවුර...

අනතුරකට අත වනන කැලණි ගං ඉවුර...

by Staff writer 10-09-2020 | 8:43 PM

COLOMBO (News 1st) - පවතින වැසි සමග මේ දිනවල කැලණි ගගේ ජල මට්ටමත් ඉහළ යමින් පවති.

අනතුරකට අත වනන කැලණි ගං ඉවරේ කෙරෙන ඉදිකිරීමක් ගැන අනාවරණයකි මේ... කැලණිය, පෙතියාගොඩ පහේ කණුව ආසන්නයේ කැලණි ගගේ ගංවතුර ආරක්ෂණ බැම්ම වසර ගණනාවකට පෙර ඉදිකල මෙම බැම්ම හඳුන්වන්නේ උතුරු පාලන බැම්ම ලෙසයි. මේ කොටස පසුගිය දවසක හදිසියේම කඩා බිඳ දැම්මේ ගං ඉවුරේ ආරක්ෂිත පැති බැම්මක් ඉදිකිරීමේ ව්‍යපෘතියකටය. බැම්මේ කොටසක් මේ වනවිට ඉදිකර අවසන්. වැසි වැඩවීමත් සමග ගගේ ජලය වැඩි වුනොත් මේ බැම්මට උඩින් ජලය ගලා නොයන බවට සහතිකයක් දිය හැක්කේ කාට ද? මේ අවදානමට තාවකාලික පිළියමක් ලෙස වැලිපිර වූ විශාල මලු කිහිපයක් කඩා දැමූ ආරක්ෂණ බැම්මේ තැන්පත් කර තිබේ. පැති බැම්මක් ඉදිකර ශක්තිමත් ආරක්ෂණ පියවරක් ගැනීම ගැටලුවක් නැතත් වසර ගණනක් ශක්තිමත් වූ ආරක්ෂණ බැම්ම ඒ සඳහා කඩා බිද දැමිය යුතු ද? දැනට ගෙන ඇති තාවකාලික පිළියම් ගගේ පහළට ගලන විශාල ජල පහරට ඔරොත්තු දෙයි ද? අනතුරු දායක මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක් ද? අවධානයට... https://www.facebook.com/NewsfirstSL/videos/3229141553788785/