මහ වැස්සෙන් කොළඹට බලපෑම්

මහ වැස්සෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 කට බලපෑම්

by Staff writer 09-09-2020 | 6:16 PM

COLOMBO ( News 1st ) : අධික වැසි සමග කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක පවුල් 5507 ක් බලපෑමට ලක්ව තිබේ.

එලෙස බලපෑමට ලක්ව ඇත්තේ, තිඹිරිගස්යාය, කොළොන්නාව, ජයවර්ධනපුර, මොරටුව, කොළඹ, කඩුවෙල, සීතාවක සහ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පවුල් 5507කි. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත් මහතා සඳහන් කළේ, ජයවර්ධන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 285 ක් ආරක්ෂිත ස්ථාන 2 ක රඳවා ඇති බවය. එම පිරිස් වෙත අවශ්‍ය පහසුකම් මේ වනවිට සලසා ඇති බව ද ඔහු පැවසීය. අධික වැසි හේතුවෙන්, කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 137 කට අර්ධ හානි සිදුව ඇතැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය.