නිව් ඩයමන්ඩ් ගින්න නිවයි: විශේෂඥයින් නැවට

නිව් ඩයමන්ඩ් ගින්න නිවයි: විශේෂඥයින් නැවට, බේරාගත් නැවියෙක් සිය අත්දැකීම පළමු වරට හෙළි කරයි

by Staff writer 09-09-2020 | 8:57 PM

COLOMBO (News 1st) - නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පාලනය කිරීමෙන් පසුව ගලවා ගැනීමේ කණ්ඩායමේ විදේශීය විශේෂඥයින් තිදෙනෙකු අද පෙරවරුවේ නැවට ඇතුළුවී තිබේ.

නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, නැව තවදුරටත් ගැඹුරු මුහුදු කලාපයට ඇදගෙන ගිය බවයි. එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ සිට දිවි බේරාගත් ඉංජිනේරුවා සිය අත්දැකීම හෙළි කළේ, කල්මුණේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. මෙලෙස ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාව මේ වනවිට ඇත්තේ දිවයිනට නාවික සැතැපුම් 40 ත් 41 අතර දුරකිනි. එහි ගින්න පාලනය කර අද අලුයම 1.00 ට පමණ ජලය ඉසීමද නතර කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ ය. නැවට පිටුපසින් මුහුදු ප්‍රදේශයේ විසරී ඇති ඉන්ධන පැල්ලමක් අද උදෑසනත් ගුවන් හමුදාව නිරීක්ෂණය කර තිබුණි. ඉන් පරිසරයට හානියක් නොවීම සඳහා ඊයේ සිට ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් ඩ්‍රෝනියර් වර්ගයේ යානයකින් රසායන ද්‍රව්‍ය ඉසීමට පියවර ගෙන තිබේ. මෙම ඉන්දීය ගුවන් යානය මෙහෙයුම සිදු කරන්නේ හම්බන්තොට ගුවන්තොටුපොළේ සිටය. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ලබාගත් සාම්පල රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන ලෙස නීතිපතිවරයා එම අධිකාරියට අද උපදෙස් දී තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/3243450999104652/