ගාල්ලේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ගාල්ලේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 09-09-2020 | 12:41 PM

COLOMBO (News 1st) - ගාල්ල, කොස්ගොඩ, නානතොට ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 5.5ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් මෙම වැටලීම සිදු කර තිබුණේ ඊයේ පස්වරුවේදීය. සැකකරු පානදුර, නල්ඔරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අප වාර්තාකරු පැවසුවේ සැකකරු ජීප් රථයකින් පැමිණ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට සූදානම් වන අවස්ථාවේ මෙම වැටලීම සිදු කර ඇති බවයි. සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ බිරිඳගේ නිවසේ සඟවා තිබූ රු. ලක්ෂ 20ක මුදලක් සොයාගෙන තිබේ.