අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක කොරෝනා උත්සන්න වෙයි

අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වෙයි

by Staff writer 09-09-2020 | 11:26 AM
(News 1st) - අමෙරිකාවේ මධ්‍ය බටහිර සහ ඊසානදිග ප්‍රදේශවල පිහිටි ප්‍රාන්ත කිහිපයක කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වී තිබේ. ඒ, එරටින් සමස්තයක් ලෙස වාර්තාවන නව ආසාදිතයන් සහ නව කොරෝනා මරණ සංඛ්‍යාව පහත වැටෙමින් පවතින පසුබිමකදීය . පාසල් යළි විවෘත කිරීමත් සමග නව ආසාදිතයන් වාර්තා වීම ඉහළ යාම සම්බන්ධයෙන් කැනඩා සෞඛ්‍ය බලධාරීන් බිය පල කළේය. අයර්ලන්තය , ප්‍රංශය ,ඊශ්‍රායාලය , නෙදර්ලන්තය , ඊජිප්තුව සහ රුසියාව ආදී රටවල් රැසක කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වෙමින් පවතී. මේ අතර ඊජිප්තුව, කයිරෝ නුවර සහ රුසියාවේ මොස්කව් අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට සැරසේ.