by Staff writer 09-09-2020 | 11:49 AM
COLOMBO (News 1st) - දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය.
ඒ, ඊයේ ජර්මනියේ පැවැති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකදීය.
තරගාවලියේ මීටර් 100 ඉසව්වට සහභාගි වූ යුපුන් අබේකෝන් එම තරගය ජය ගත්තේ තත්පර 10 යි දශම 1 යි 6 ක කාලයක් සටහන් කරමිනි.
එය මීටර් 100 ධාවන තරග ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවකි.
මීට පෙර දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වෙමින් මීටර් 100 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ හිමාෂ ඒෂාන්.
ඔහු 2016 වසරේ ඉන්දියාවේ ගුවාතිහිදී පැවැති 12 වැනි දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේදී තත්පර 10 යි දශම 2 යි 2 ක කාලයක් සටහන් කරමින් එම දක්ෂතාව දැක්විය.
මෙවර යුපුන් අබේකෝන් දකුණු ආසියානු වාර්තාව පිහිටුවූයේ හිමාෂ ඒෂාන්ට වඩා තත්පර 0 යි 4 කට පෙර තරගය අවසන් කරමිනි.
යුපුන් මෙම තරගයේ ජර්මානු ශූරයා වන ඩෙනිස් අල්මාස් පරාජය කිරීම විශේෂත්වයකි.
ඩෙනිස්ට මෙම තරගයේ දෙවැනි ස්ථානය හිමි වූ අතර ඔහු සටහන් කළ කාලය තත්පර 10 යි දශම 1 යි 8කි.
ජර්මනියේ මයිකල් ෆෝල් තුන්වැනි ස්ථානය දිනා ගත්තේය.