ජැසින්ටා ගලබඩආරච්චිගෙන් ලක් මවට ආඩම්බරයක්

එංගලන්ත පාපන්දු ලීගයට පිවිසි ලාංකික සම්භවයක් ඇති පළමු ක්‍රීඩිකාව ජැසින්ටා ගලබඩආරච්චි

by Staff writer 09-09-2020 | 6:34 PM

COLOMBO (News 1st)  - එංගලන්ත පාපන්දු ලීගයට පිවිසි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පළමු ක්‍රීඩිකාව ලෙස ජැසින්ටා ගලබඩආරච්චි ඉතිහාසයට එක් විය.

19 හැවිරිදි ඇය මේ වනවිට ක්‍රීඩා කරන්නේ, වෙස්ට් හැම් කාන්තා පාපන්දු කණ්ඩායමටයි. ඔස්ට්‍රේලියාවේ උපත ලබා ඇති ජැසින්ටා පාපන්දු ක්‍රීඩාවට යොමු වුයේ සිය සහෝදරයා පාපන්දු ක්‍රීඩා කරන අයුරු දැකීමෙනි. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 5 කි. වයස අවුරුදු 9 දී මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය ඇයට එම කණ්ඩායමට එක්වන ලෙස ආරාධනා කළ අතර ඇය මැන්චෙස්ටර් සිටි කාන්තා කණ්ඩායම සමග සති අටක පුහුණුවකට ද සහභාගි විය. වයස අවුරුදු 17 න් පහළ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ද නියෝජනය කර ඇති ජැසින්ටා, මෙල්බර්න් සිටි කණ්ඩායමත්, පර්ත් ග්ලෝරි කණ්ඩායමත් නියෝජනය කර තිබේ.