තෙල් නැවෙන් සාගරයට වූ හානිය ගැන විමර්ශනයක්

New Diamond නෞකාවෙන් සාගරයට වූ හානි සොයා විද්‍යාඥයින් පිරිසක් දියඹට

by Staff writer 08-09-2020 | 7:21 AM

COLOMBO (News 1st) - ගිනි ගැනීමට ලක් වූ New Diamond නෞකාවෙන් සාගරයට වූ හානිය පිළිබඳ විමර්ශනයක් අද සිට ආරම්භ කරනු ඇත.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ, ඒ සඳහා විද්‍යාඥයින් පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් මේ වනවිට පිටත්ව ගොස් ඇති බවය. එම පිරිසට රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා අංශයේ විද්‍යාඥයින් දෙදෙනෙක්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ විද්‍යාඥයින් දෙදෙනෙක් සහ නාරා ආයතනයේ විද්‍යාඥයින් දෙදෙනෙක් ඇතුළු පිරිසක් එක් වනු ඇති. මේ අතර MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඊයේ පස්වරුවේ යළි හටගත් ගින්න තවදුරටත් පවතින බව නාවික හමුදාව පැවසුවේ ය. නාවික හමුදා ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 30 කට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග හටගත් අධික සුළං ප්‍රවාහයන් නෞකාවේ අභ්‍යන්තරයේ පැවති ගිනි පුපුරු හා අධික උෂ්ණත්වයට බලපෑ‍ම මත පාලනය කර තිබූ ගින්න නැවතත් හටගෙන ඇති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/3192736204181180/