විදෙස්ගතව දුක්විඳින ශ්‍රමිකයින්

සෞදියේදී කොරෝනා වැළඳුණු මාලනී ඇතුළු මැදපෙරදිග හිරවුණු ලාංකිකයින්ගේ කඳුළු කතාව..

by Staff writer 08-09-2020 | 10:03 PM

COLOMBO (News 1st) : මෙරට දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 8 ක් ලැබෙනුයේ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ය.

එහෙත් රටට විශාල විදෙස් විනිමයක් උපයා දුන් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු තවදුරටත් මව් රටට පැමිණීමට නොහැකිව අසරණ වී සිටී. ඕමානයේ සිට යළිත් මව්බිමට පැමිණීමට ලියාපදිංචී සිටින සංඛ්‍යාව 2,500 කට අධිකයි.
ශ්‍රමිකයින්ගේ අදහස් මොකද අපි මෙහෙම ඉන්න ඉන්න අපිට කන්න බොන්න සල්ලි සෑහෙන්න වියදමක් යනවා. ඉතිං අපිට ඒක ලොකු ප්‍රශ්නයක්. එහෙම උදව් කරන්න කියලත් කවුරුවත් නෑ. පුළුවන්නම් ගවර්මන්ට් ෆ්ලයිට් එකක් එවලා හැකිතාක් ඉක්මණට අපිව ගෙන්න ගන්න. ඉතිං වෙන දෙයක් ඉල්ලන්නේ නෑ . මොකද කම්පැනියෙන් අපිට ටිකට් අරන් දෙන්න කැමැති නෑ මොකද අපි සේවා කාලය සම්පූර්ණ කරපු නිසා.
පාසල් නිවාඩු සමයේ දෙමාපියන් හමුවීමට ගිය මෙරට සිසුන් පිරිසක්ද යළි දිවයිනට පැමිණීමට නොහැකිව සිටී. සිසුන්ගේ අදහස්
දැනට ඕමානයේ මාස 4 කට වැඩි කාලයක් නිවෙස්වල සිරවී සිටිනවා. අපි අතරින් වැඩි දෙනෙක් මේ අවුරුද්දේ උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගවලට මුහුණ දෙන්න සිටිනවා. සියලුම නිරෝධායන වියදම් පෞද්ගලිකව දරමින් ඔ්මානයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයේ මෙහෙයවීමේන් කළමනාකරණය වන පෞද්ගලික ගුවන් යානය මගින් පාසල් වාරය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට කරුණාකර අපිට ඉක්මණින් අවසර ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.
ඕමානයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයේ සභාපති රෝයි ලසන්ත මහතා
ඕමානයට ආවේ එක ෆ්ලයිට් එකයි. රජයේ නිරෝධායනයට යන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ එම්බසි එක හරහා ඇරේන්ජ් වෙච්ච එක ෆ්ලයිට් එකයි ආවේ. මෙහේ 2500 ක් රෙජිස්ටර් වෙලා ඉන්නේ ගොඩාක් වෙලාවට. රැකියා නැතිවෙච්ච මිනිස්සු සහ සමහරක් වේලාවට මෙහෙ තාවකාලික රැකියාවලට ඇවිල්ලා දැනට යාමට විදිහක් නැතිව ඉන්න මිනිස්සු. ඉතිං තත්ත්වය ටික ටික නරක අතට හැරෙනවා මිසක හොද අතට හැරෙන විදියක් පෙන්න නෑ. අනිත් එක තමයි දැනට තියෙන ප්‍රධානම ප්‍රශ්නය දැනටත් ඕමාන්වල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඕන් එම්බසි එකේ වැඩකරන අයට ක්‍රියාකලාපය එච්චරම සතුටු දායක නෑ. ඒ හින්දා ගොඩාක් ප්‍රශ්න ඇතිවුණා. ඉතිං එහෙම තියෙද්දිත් අපිට දැනගන්න ලැබිලා තියනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවයෙන් නියුතු අයව නැවත ලංකාවට කැඳවලා තියෙනවා කියලා. ඒ වෙනුවට කාවවත් ආදේශකයකුත් නැතුව එතකොට එහෙම තත්ත්වයක් තුළ මේ වගේ රටවල්වල ගොඩාක් ගෘහ සේවිකාවෝ ඉන්නවා. එතකොට ඒ මිනිස්සු ගොඩාක් ප්‍රශ්ණවලට මුහුණ දෙනවා.
මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා අහිමි වු තරුණයින් පිරිසක් මේ දිනවල ඩුබායිහි පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයට මීටර් 30 ක් පමණ දුරින් එළිමහනේ ජීවත් වන ආකාරය දැක්වෙන දර්ශනද අප වෙත ලැබී තිබේ.
අදහස් මේ තමයි ඒ මිනිස්සු ජීවත් වෙන තැන. එළිමහන් තැනක ජීවත් වෙන්නේ. ඒ මිනිස්සුන්ගේ බාත් එක. මේ බෝට්ටුවක් ලෑන්ඩ් මාස්ටර් එකක තමයි මේ මිනිස්සු නිදාගන්නේ. මේ ඒ මිනිස්සුන්ගේ ඇඳුම්. මේ මිනිස්සු ඉන්‍නේ ගහ යට.
පීඩාවට පත් මිනිසුන්
මෙතන ඉන්නවා අපි සමහර කට්ටිය ඉන්නවා මාස 6 සමහර කට්ටිය මාස 8 ක් අවුරුද්දක්.මේ කොවිඩ් වෛරසය නිසා අපිට ජොබ් එකක් හොයාගන්න බැරිවුණා. දැන් කොහොමත් ජොබ් නෑ. ඉතිං අපිට යාගන්නත් බැරිවුණා එයාර්පෝට් වහලා නිසා. දැන් මේ ඉන්න තැන්වලට ගෙවාගන්න විදිහක් නෑ ඇත්තටම. මෙතන ගොඩාක් කට්ටිය ඉන්නවා අපිව එළියට දමාවි.
මේ අතර සෞදියේ ජීවත්වන කේ. ඩී මාලනී මහත්මිය නිවුස්ෆස්ට් කියා සිටියේ කොරෝනා වැළදී ඇති තමන් පිළිබඳව සොයා බැලීමට කිසිවෙකුත් නොමැති බවයි.
කේ ඩී මාලනී සෞදියේ වැඩකරන ගමන් තමා මට මේ ලෙඩේ හැදුණේ. දැන් දවස් 5 ක් 6 ක් ප්‍රතිකාර කළාට හරියන්නේ නෑ. ඒ නිසා පුළුවන්නම් මාව ලංකාවට ගන්න කියලා තමයි කියන්නේ. මොකද මේ ගෙවල්වල ප්‍රතිකාරයක් වෙන්නේ නෑ ගෙදර හිටියට කැම බීම වෙලාවට දෙන්නේ නෑ. බිස්කට් එකක් කාලා තමයි බෙහෙත් බොන්නේ. මට කතා කරගන්නවත් අපහසුයි . ඇත්තටම මාව ගන්න ලංකාවට.