රුපියල් 700ක එළවළු මල්ල රුපියල් 350කට

රුපියල් 700ක එළවළු මල්ල රුපියල් 350කට..

by Staff writer 08-09-2020 | 2:52 PM
COLOMBO (News 1st): වෙළඳපොළේ රුපියල් 700 ක මිලෙන් යුත් එළවළු මල්ල රුපියල් 350 ක සහන මිලකට ලබාදීමේ විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කර තිබේ. ඒ, කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේදීය. මෙම එළවළු මල්ල කැරට්, ලංකා අර්තාපල්, බීට්, තක්කාලි, ලීක්ස් සහ නෝකෝල් යන එළවළු වර්ග 06කින් සමන්විතය. කොළඹ දිස්ත්‍රික්කයේ කොටුව දුම්රිය ස්ථානය, මරදාන දුම්රිය ස්ථානය, ඉසුරුපාය, සුහුරුපාය, සෙත්සිරිපාය සහ නුගේගොඩ යන ස්ථාන 6 කදී මෙම සහනදායී එළවළු මල්ල මිලදී ගැනීමට හැකිබව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන 3කදී මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.