බන්ධනාගාරගත කර සිටින ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට රැගෙන එයි

by Staff writer 08-09-2020 | 12:12 PM

COLOMBO (News 1st) - මරණ දඬුවම නියමව බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද පාර්ලිමේන්තුව වෙත රැගෙන විත් තිබේ.

ඒ, ඊයේ අභියාචනාධිකරණය විසින් ඔහුට පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගීවට අවසර ලබාදීමෙන් අනතුරුවයි. ඔහු මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. අද පස්වරුවේ ඔහු සිය මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමට නියමිතය. මේ අතර පාර්ලිමේන්තුව අද පස්වරු 1.00 ට රැස්වනු ඇති.