පළාත් කිහිපයකට තද වැසි..

පළාත් කිහිපයකට තද වැසි..

by Staff writer 08-09-2020 | 8:41 AM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. මේ අතර අධික වැසි හේතුවෙන්, කොළඹ, කළුතර, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පැන වූ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන අද පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මකය.