හන්තාන විනාශය බලන්න බලධාරීන් යයි

නිව්ස්ෆස්ට් අනාවරණයෙන් පසු හන්තාන විනාශය බලන්න බලධාරීන් යයි

by Staff writer 08-09-2020 | 9:31 PM

COLOMBO (News 1st) :  හන්තාන බටහිර බෑවුමේ අනවසරයෙන් හෙළිපෙහෙළි කර ඇති අක්කර අටක පමණ භූමි ප්‍රදේශය අද මහනුවර දිස්ත්‍රික්ක ලේකම් හා හන්තාන කළමනාකරණ කමිටු සභාපති තිස්ස කරුණාරත්න මහතා නිරීක්ෂණයට ලක්වුණි.

ඒ, නිව්ස්ෆස්ට් ඊයේ කළ අනාවරණයෙන් පසුවයි. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට පරිපාලන බලය හිමි භූමියේ කොටසක් කිසියම් පිරිසක් විසින් වැටවල් ඉදිකර වෙන් කර ඇති අතර එහි කොටසක් ගිනි තබා විනාශ කර ඇති අයුරුද දක්නට ලැබුණි. මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා මේක ඉතාමත් අනවසර ක්‍රියාවක් . රජයේ ඉඩමක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීම නීත්‍යානූකූල නැති වැඩක් . ඊට අමතරව හන්තාන සංරක්ෂණ කලාපයට අයිති කොටසේ මෙවැනි එළි කිරීමක් හෝ යම් වෙනසක් කරනවා නම් භුමියේ අනුමැතිය ලබාගන්න ඕන අනුමැතියට මේ කාරණය ඉදිරිපත් වෙලා නෑ ඒ නිසා මේක දෙයාකාරයකින්ම නීතී විරෝධි කාරණයක්