දේශපාලඥයින්,රාජ්‍ය නිලධාරීන් පිරිසක් ජනපති කොමිසමට

දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් අදත් ජනපති කොමිසමට

by Staff writer 08-09-2020 | 1:25 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අදත් දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් පැමිණ තිබේ.

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට හිටපු පොලිස්පති පුජීත් ජයසුන්දර මහතා පැමිණියේ ය. මේ අතර ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, හිටපු අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් පැමිණියේ ප්‍රකාශ ලබාදීම සඳහාය. නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා අද දෙවැනි දිනටත් කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියේ ය