තේ කර්මාන්තය නගා සිටුවීමට ජනපති උපදෙස්

තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතුයි - ජනපති

by Staff writer 08-09-2020 | 7:36 AM

COLOMBO (News 1st) - බරපතළ පසුබෑමකට ලක්ව ඇති තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, කර්මාන්තයේ බිඳ වැටීමට හේතු වූ සාධක හඳුනාගෙන ලෝක වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකා තේ සඳහා තිබූ ඉහළ ඉල්ලුම නැවත අත්කර ගැනීම ඉලක්ක විය යුතු බවය. සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රීත බෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. පාඩු ලැබීමට සහ අකර්මණ්‍ය හේතු කෙටි කලකදී හඳුනාගෙන ස්ථීර විසඳුම් දෙන්නැයි, ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේ, පාඩු ලබන වතු සමාගම් නියාමනය ව්‍යාපෘතියක් ලෙස කුඩා තේ වතු හිමියන්ට පවරා සක්‍රීය කරන ලෙසය. https://www.facebook.com/NewsfirstSL/videos/322374872338177/