ඉන්දු-චීන දේශසීමා ගැටුම

චීනයේ පෑන්ගොං විල අසලදී ඉන්දීය හමුදාවෙන් අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක්...

by Staff writer 08-09-2020 | 1:30 PM
(News 1st): ඉන්දු-චීන දේශසීමාවේ පිහිටි චීනයේ පෑන්ගොං විල අසල ඉන්දීය හමුදා විසින් අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. පසුගිය සති දෙක තුළ දෙවරක් චීන හමුදා ලඩාක්හි පෑන්ගොං විල අසල කලහාකාරී ලෙස හැසිරුනු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය සොල්දාදුවන් වෙඩි ප්‍රහාරය එල්ල කිරීමත් සමග චීනයේ ඒකපාර්ශවිකත්වය වැළැක්වීමට ඉන්දියාවට හැකිවූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. චීන හමුදාවන්හි ක්‍රියාවන්ගෙන් පසු ඉන්දීය හමුදා ප්‍රහාරය එල්ල කළ කර ඇති බව පෑන්ගොං විල අසල ඉන්දීය හමුදා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පල කරමින් චීනය ප්‍රකාශ කළේය. ප්‍රහාරයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන් ගැනීමට චීන දේශසීමා ආරක්ෂකයින්ට බල කරන බව ද මහජන විමුක්ති හමුදාවේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ. හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඉන්දීය ප්‍රහාරය කුමක් සදහා වූ ප්‍රතිප්‍රහාරයක්ද යන්න තවමත් නිශ්චිතව හඳුනා ගත නොහැකි වූ බවයි. ඉන්දීය හමුදා, දේශ සීමාවන් උල්ලංඝණය කොට පෑන්ගොං විලේ දකුණු ඉවුරට සහ ෂෙන්පාවෝ කඳුකර ප්‍රදේශයට ඇතුළු වී ඇති බව මහජන විමුක්ති හමුදාවේ ප්‍රකාශකයා සඳහන් කළේය. ඉන්දීය සෙබළුන් එල්ල කළ ප්‍රහාරය බරපතල ප්‍රහාරයක් බව පවසමින් චීනය, මෙවැනි ප්‍රකෝපකාරී ක්‍රියාවන්ගෙන් වළකින ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. මේ අතර ජුනි 15 වැනිදා ගැල්වාන් නිම්නයේ ඇතිවූ ගැටමුකින් ඉන්දීය සෙබළුන් 20 දෙනෙකු මිය ගොස් ඇත. එම ගැටුමෙන් පසු ඉන්දූ-චීන දේශසීමාවන් සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ජා පැවැත්වෙන අතරතුර ඉන්දියාව මෙවැනි ප්‍රහාරයක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.